Tuesday, September 25, 2012

A Monster in Paris (2011) | සිහිනයක පාවෙන්න…[සිංහල උපසිරැසි සමඟ]


A Monster in Paris (2011) | සිහිනයක පාවෙන්න…[සිංහල උපසිරැසි සමඟ]



කොහොමද යාළුවනේ… මගේ නම නම් ගොඩක් අය දන්නවා ඇති. ඉතින් ඒ ඔක්කොමගෙන් අවසරයි. මේක මගේ දෙවෙනි නිර්මාණය.  ඉතින් ඒ ගැන මම සතුටු වෙනවා. මම ගොඩක් ආස ත්‍රිමාණ සජීවීකරණ, ක්‍රියාදාම, විහිළු සහ ත්‍රාසජනක බයිස්කෝප් වලට ඉතින් මම ගොඩාක් කැමතියි. ඉස්සරහට ඒවාට අදාළ බයිස්කෝප් කිහිපයක් පල කරන්න බලාපොරොත්තු වෙනවා.

හරි වැල් වටාරම් ඕන නැහැ. මේ බයිස්කෝප් එක නම් මට නම් හොඳට ඇල්ලුවා. මේකේ කතාව නම් සුපිරියි. ඇත්තම කියනවා නම් මේකේ කතාව හදවතට ගොඩක් සමීප වෙනවා. සමහර තැන් වලදී ඇත්තටම ඇසට කඳුලක් එන අවස්ථාත් තිබුනා. ඒ වගේම මේ බයිස්කෝප් එකේ සංගීතය උපරිමෙන්ම තියනව කියලයි මගේ අදහස. මේ කතාවේ කොල්ල, එමිලි කියලා සිනමාහලක ප්‍රක්ෂේපනයේ වැඩ කිඩ කරන ආතල් කොල්ලෙක්. ඉතින් එයා හිතින් ආදරය කරනවා මෝඩ් කියල කෙල්ලෙකුට. වැඩේ කියන්නේ මේ කෙල්ලත් හිතින් ආදරය කරනවා එමිලිට. නමුත් දෙන්නට දෙන්න ඒක කියන්නේ නැහැ. ඉතින් දවසක්දා එයා පෙන්නමින
් හිටපු චිත්‍රපටියක පටිය කැඩෙනවා. ඉතින් එයා ඒක හදාගන්න පටියක් හොයාගෙන යද්දී තමයි රාවුල් කියල පාර්සල් බාර දෙන පිස්සුම බුලට් එක හමුවෙන්නේ….ඔතන ඉදන් කතාව බලන එක ඔබට බාරයි…

තව ෆිල්ම් එක ගැන අටුවා ටීකා ගැන කියන්නම් ජාත්‍යන්තර මූවී දර්ශකයේ Ratings: 6.6 ලබා ගත් මේ සුපිරි බයිස්කෝප් එකේ නිපැයුම් කරුවා වෙන්නේ ඔබ කවුරුත් නරබා ඇති Shark Tale (2004), Flushed Away (2006), Bee Movie (2007) වැනි ඔබ හද ගත් බයිස්කෝප් දායාද කල Bibo Bergeron නම් අධ්‍යක්ෂකවරයා විසින්. ඉතින් කලින් අර ෆිල්ම් බලලා තියෙනවා නම් මේක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ, අනිවා ඔබ බලාවි. එහෙනම් තවත් සුපිරි ෆිල්ම් එකකින් ඔබ හමුවෙන තුරු ඔබට ජය….


භාගත කිරීම සදහා

 

සිංහල උපසිරැසි ලබා ගැනීමට

උපුටාගැනීම්  සියල්ල මාගේ අනුදැනුම යටතේ සිදුවිය යුතු බව කරුණාවෙන් සලකන්න..

No comments:

Post a Comment